2017 මැයි 06 වන සෙනසුරාදා

Head Massage ගන්න නම් මෙන්න යන්න නියම තැන

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

මෙදා සැරේ මම ගියේ සුපුරුදු තැනක සුපුරුදු අත්දැකීමක් ගන්නයි. තැන තමයි ලා පැෂන් සැලෝන් එක. අලුත් අවුරුද්දෙන් පස්සෙ ඔළුවට දැනුණු බර ගතිය නිදහස් කරගන්නයි මට ඕන වුණේ. ඒ වෙනුවෙන් හොඳින් ගැලපෙන Head Massage එකක් මෙතැනදී ලබාගන්න පුළුවන්. 

මම තෝරගත්තේ head massage ගැන හොඳ පළපුරුද්දක් තියෙන ප්‍රේමසිරි මහතායි. අවුරුදු 69ක තමන්ගෙ ජීවිත කාලෙන් අවුරුදු 49ක්ම මේ වැඩේ කරලා තියෙන නිසා ඔහුගෙ පළපුරුද්ද ගැන කතා දෙකක් නැහැ.  ඇඟිලි තුඩු මගේ හිසකෙස් අතරින් ඔළුව වටේට යවමින් ඔහු ලබාදුන් මසාජ් එකනම් නියමයි. සමහර වෙලාවට තද වේදනාවක් දැනුණත් මොහොතකින් බොහොම සනීපයක් දැනෙනවා. 

මම සමහරදාට හයදෙනෙකුට විතර මසාජ් දෙනවා ප්‍රේමදාස මහතා එහෙම කිව්වා. එයා head massage එකකට කරන කැපවීම දැක්කම ඒක ටිකක් අසීරු වැඩක් කියලයි මට නම් හිතුණෙ. ඒ කොයිහැටි වෙතත් හිසට බරක් මහන්සියක් දැනුණු වෙලාවෙ ලැබුණු මේ අත්දැකීම නම් ගොඩක් වටිනවා. 

- ධනූ 
ඡායාරූප - You're My Favorite