2017 මැයි 06 වන සෙනසුරාදා

ගල්කිස්සට පාතැබූ තරු දෙකේ බජට් හෝටලය Sunhil Hotel

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

සන්හිල් හෝටල් ජාලයට අයත් අලුත්ම හෝටලය පසුගියදා ගල්කිස්සේදී විවෘත වුණා. ගල්කිස්ස හෝටල් පාරේ ඉදිකරලා තියෙන මේ හෝටලය නවීන පහසුකම් රැසකින් සමන්විතයි. විවාහ උත්සව සඳහා වගේම පවුලේ විවේකය තේමා කරගනිමින් ඉදිකරලා තිබෙන හෝටලයේ තරු දෙකේ බජට් හෝටලයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

රුපියල් තුන්දහසේ සිට අටදහස දක්වා විවිධ මිල ගණන් යටතේ කාමර 25ක් මේ හෝටලයට ඇතුළත්. රුපියල් තුන්දහසේ කාමරයක් පවා හොඳම තත්ත්වයේ පහසුකම් සහිතව ඉදිකර තිබීම විශේෂත්වයක්. 

ආහාරපාන ගැන කතාකරද්දී දේශීය වගේම ඉන්දියානු, චීන, තායි ආහාර වර්ග පිළිගැන්වෙනවා. ඒ ඒ ආහාර රටා ගැන මනා පළපුරුද්දක් සහිත සූපවේදීන් හෝටලය සතුයි. 

200ක ප්‍රමාණයකට ආසන පැනවිය හැකි ශාලාව මංගල උත්සව, ව්‍යාපාරික හමු ආදියට හොඳින් ගැලපෙනවා. සිව්වැනි මහලේ පිහිටා ඇති මෙම ප්‍රධාන උත්සව ශාලාවට අමතරව ආසන 100ක ධාරිතාවේ තවත් ශාලාවක් පහත මාලයේ පවතිනවා. ඒ වගේම ඉදිරියේදී ආසන 500ක් පැනවිය හැකි නවීන පන්නයේ තවත් උත්සව ශාලාවක් ගල්කිස්ස සන්හිල් හෝටලයට එකතු කිරීමේ සූදානමක් පවතිනවා. 

සන්හිල් හෝටල් ජාලයේ විසිපස් වැනි සංවත්සරය වෙනුවෙන් මෙම හෝටලය විවෘත වීමත් විශේෂත්වයක්. ඉදිරියේදී බොල්ගොඩ සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලත් සන්හිල් හෝටල් විවෘත වීමට නියමිතයි.

 රජිත