2022 මැයි 15 වන ඉරිදා

ගර්භනී කාලේ ෆෝලික් ඇසිඩ් බොන්නම ඕනද?

 2022 මැයි 15 වන ඉරිදා, ප.ව. 10:00 279

මළගෙවල්වල ගියාට කමක් නැද්ද?

මළගෙවල්වල ගියාට කමක් නැද්ද? මා සති හතරක ගැබිනියක්. මට දැනගන්න ඕනෑ මේ දවස්වල මා මළගෙවල්වල, මඟුල් ගෙවල්වල ගියාට කමක් නැද්ද කියලා. ගොඩක් අය කියනවා එහෙම යන්න එපා කියලා. මේ නිසා අත්‍යවශ්‍ය මළගෙදරකට පවා මට යන්න බැරි වුණා. මෙහි සත්‍යයක් තිබේද?

නිර්මලා - කිරිබත්ගොඩ 

උපදෙස 

වෙනත් ආසාදන ඇතිවීම වළක්වාගැනීම සඳහා මුල් මාස තුන ඇතුළත ඉතාම පරෙස්සම් විය යුතුයි. මළගෙදරක් කියන්නේ බොහෝ දෙනෙක් ගැවසෙන තැනක්. එවන් ස්ථානවලදී වෛරස් ආසාදන, පෙනහළු සම්බන්ධ ආසාදන පැතිරීමට තිබෙන ඉඩ වැඩියි. බොහෝ වේලාවට අපි ගැබිනි මව්වරැන්ට උපදෙස් ලබා දෙන්නේ සෙනග ගහණ තැන්වලට යාමෙන් වැළකී ආරක්ෂිතව සිටින ලෙසයි. පසුගිය කොරෝනා සමයේදීත් අපි එලෙස උපදෙස් ලබා දුන්නා. අත්‍යවශ්‍ය නොවන මළගෙදරක් නම් ඔබ එහි නොයා සිටීම වඩා සුදුසුයි.

ඉකිලි හරියෙන් වේදනාවක්

මම 49 හැවිරිදි කාන්තාවක්. මට දැන් වැඩිවෙලා ඉඳගෙන ඉඳලා නැගිටින්න අමාරැයි. ඉකිලි හරියෙන් වේදනාවක් එනවා. ඇවිදීමත් අපහසුයි. නිදාගෙන එහෙට මෙහෙට හැරෙන්න බෑ. වෛද්‍යතුමනි, මට පහදා දෙන්න ඒක සාමාන්‍ය තත්ත්වයක්ද නැතිනම් රෝගී තත්ත්වයක්ද කියලා.

අශෝකා - වලස්මුල්ල

උපදෙස 

ඔබ පවසන රෝග ලක්ෂණ අනුව මෙය සාමාන්‍ය තත්ත්වයක් වීමට නොහැකිය. අවුරැදු 49ක කෙනකුට ඇවිදීමට අපහසු තරමට වේදනාවක් එන්නේ උකුල් ඇට සන්ධියේ ප්‍රදාහයක් වීමෙන්. උකුල් ඇට සන්ධියට බලපාන සන්ධි රෝග තිබෙනවා. එවන් රෝගයක මූලික අවස්ථාව වීමට පුළුවන. උකුල් ඇට සම්බන්ධ කොටසටයි පිටකොඳු නාරටියටයි එකට සම්බන්ධ සන්ධි රෝග තිබෙනවා. මෙය නොසලකා සිටිය යුතු තත්ත්වයක් නොවෙයි. කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකර ප්‍රතිකාර කිරීමෙන් සුව කරගත හැකිය. ඇතැම්විට දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය වීමටත් පුළුවන්. මෙය සාමාන්‍ය තත්ත්වයක් යැයි කියන්න බැහැ.

ෆෝලික් ඇසිඩ් බොන්න ඕනෑමද?

මම 28 හැවිරිදි අලුත විවාහ වූ තරැණියක්. දරැවන් අපේක්ෂාවෙන් සිටිනවා. වෛද්‍යතුමනි, මට දැනගන්න ඕනෑ ගොඩාක් අය කියනවා දැන් ඉඳන් ෆෝලික් ඇසිඩ් බොන්න ඕනෑ කියලා. ඒ ඇයි කියලා මම දන්නේ නෑ. ෆෝලික් ඇසිඩ් බොන්න ඕනෑ නම් ඒ ඇයි කියලා මට පහදා දෙන්න. 

නදීෂානි - මීගහතැන්න

උපදෙස 

ෆෝලික් අම්ලය ශරීරයේ අඩු වූ මවකට දරැවකු ලැබීමෙන් ස්නායු ආබාධ ඇතිවීමේ අවදානමක් ඇති බවට විද්‍යාත්මකව සොයාගෙන තිබෙනවා. කොඳු නාරටිය හා සුෂුනුම්නාව හරහා යන මොළයේ ලොකු දුර්වලතා ඇතිවන්න පුළුවන්. එහෙයින් ෆෝලික් අම්ලය විටමින් වශයෙන් මව්වරැන්ට ලබාදීමෙන් එවැනි අවදානම් තත්ත්වය නැතිකර ගැනීමට හැකියි. එය විද්‍යාත්මකව තහවුරැ කර තිබෙනවා. ෆෝලික් අම්ලය ඉතාම මිල අඩු සරලව මිලට ගත හැකි ඖෂධයක්. අපි ගැබිනි මවුවරැන්ට උපදෙස් ලබා දෙන්නේ ගර්භනී වීමට සැලසුම් කරන කාලයේ පටන් මිලිග්‍රෑම් 5ක ප්‍රමාණයක් ගන්න කියලා. එහෙත් දැන් එය සනාථ කර තිබෙනවා මිලිග්‍රෑම් 1ක ප්‍රමාණයක් ඇති කියලා. මෙය ලෝකයේ සෑම මව්වරැන්ටම ලබාදෙන ඖෂධයක්. ඒ වගේම ගර්භනී කාලයේ සති 28 ක් වනවිට යකඩ ඖෂධත් ලබා දෙනවා. ඒකට සංයෝග විටමින් සංඝටකත් තිබෙනවා. කුමන ආකාරයට හෝ ෆෝලික් අම්ලය මිලිග්‍රෑම් 1ක ප්‍රමාණයක් ගර්භනී කාලය පුරාවටම ගැනීම සුදුසුයි.

නිතර හැදෙන උණක් ?

වෛද්‍යතුමනි, මගේ පුතාගේ වයස අවුරැදු 12යි. ටික කාලයක ඉඳන් පුතාගේ ඇඟ එක වෙලාවකට ගිනි රස්නෙයි. උණ ගන්නවා. අයිස් තැබුවත් අඩුවක් නෑ, අපි බයටම  ඒ වෙලාවෙම බෙහෙත් ගන්න එක්කගෙන යනවා. ඒ වෙලාවට බෙහෙත් බිව්වාම හොඳ වෙනවා. ඒ විදිහට 10 පාරකට වඩා කරලා ඇති මේ වෙද්දි.‍ සමහර දොස්තරලා කියන්නේ කාලෙකට හැදෙන වෛරස් උණ කියලා. ඒත් මේක නිතර නිතර වෙන එක අපිට ප්‍රශ්නයක්. පුතාට වෙනත් රෝගයක්දැයි අපිට බයයි. වෛද්‍යතුමනි, අපි කුමක් කළ යුතුදැයි කරැණු පහදා දෙන්න. ගොඩාක් පින්‍්.

නිරාශා - ඇඹිලිපිටිය  

උපදෙස 

ඔබ යොමු කර ඇති ප්‍රශ්නය අනුව මටත් ප්‍රශ්නයක් තිබෙනවා. කාලයෙන් කාලයට හැදෙනවා කීවාම මෙය එකම රෝගය හැදෙනවාද එසේ නැතිනම් නැවත නැවත වෛරස් රෝග වැළඳෙනවාද යන්න පිළිබඳ පැහැදිලිව නැත. එහෙයින් මෙය නිවැරදිව නොදැන ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසීමට නොහැකිය. සමහර දරැවන්ට නිතරම සෙම අමාරැ හැදෙනවා. ඒ කියන්නේ ඒ දරැවන් වෛරස්වලට ගොදුරවීමේ සම්භාවිතාව වැඩියි. උණ කියන්නේ රෝග ලක්ෂණයක්. එකම ආසාදනය දිගටම එනවාද නැතිනම් වෙනත් ආසාදන දීර්ඝ කාලීනව හැදෙනවාද යන්න සම්බන්ධයෙන් පරික්ෂණවලින් තහවුරැ කර ගත යුතුයි. ළමා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට දරැවා පෙන්වා අවශ්‍ය පරීක්ෂණ සිදුකර ගන්න. උණ  ඇතිවෙනවා නම් උණ දෛනිකව මැන සටහන් කර ගැනීමත් වටී.

දරුවන් බඳින කල් ලස්සනට ඉන්න ඕනෑ

මම වයස අවුරැදු 60ක මවක් වෙමි. දියණියන් දෙදෙනෙක් සිටින අතර දියණියෝ දෙදෙනාම මේ වනවිට විවාහ වීමට සූදානමින් සිටිති. දරැවන් විවාහ වන තෙක් මා හට ලස්සනට සිටීමට අවශ්‍යය. එහෙයින් මාගේ කොණ්ඩය වර්ණ ගන්වා ගැනීමට අවශ්‍ය වුවත් එය සිදුකිරීමෙන් ආසාත්මිකතා ඇතිවෙයි. මුහුණේ පලු දමයි. කැසීම් ඇතිවෙයි. වෛද්‍යතුමනි, උපදෙසක් ලබා දෙන්න. 

පෙරේරා - මීගමුව

උපදෙස 

මෙවන් අවස්ථාවකදී ආසාත්මික තත්ත්ව ඇත්නම් ඒවා මගහරවා ගැනීමට ඖෂධ ලබා දී ආසාත්මිකතාව අවම වන ආලේපනයක් භාවිතයෙන් පහසුවෙන් අවශ්‍ය කාර්යය සිදුකර ගත හැකිය. එවැනි බොහෝ දෙනකුට ඒ ආකාරයට අවශ්‍ය කාර්යය සිදුකර ගැනීමට හැකි ලෙස ඖෂධ අප ලබා දී තිබෙනවා. කායික රෝග වෛද්‍යවරයකු හමු වී ආසාත්මිකතාව අනුව අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න.

ඔබේ ප්‍රශ්න යොමු කරන්න

කාලයක ඉඳන් සුව නොවූ සිතට වදදෙන කියාගන්න බැරි සෞඛ්‍ය ප්‍රශ්නයක්ද? ඔබේ ප්‍රශ්නයට විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබාදීමට අප සූදානම්. ඔබේ ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයක් අපට එවන්න. පිළිතුරැ පළවිය යුතු නමද සඳහන් කරන්න.
සංස්කාරක

විශේෂඥ වෛද්‍ය හමුව 
දොස්තරට කියන්න
දේශය පුවත්පත,
නො: 08,
හුණුපිටිය හරස් පාර,
කොළඹ 02

 

■   සසංක චලන ගිම්හාන

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00